කටුනායක ගුවන් තොටුපළ ජාත්‍යන්තර මට්ටමට: පිටත්වීමේ පර්යන්තයටත් නවීන ස්වයංක්‍රීය දොරටු

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉහළ නැංවීමේ පියවරක් ලෙස, එහි පිටත්වීමේ පර්යන්තය සඳහා ස්වයංක්‍රීය මගී නිශ්කාශන දොරටු (e-Gates) හතරක් ස්ථාපනය කිරීමට රජයේ අනුමැතිය හිමිව තිබේ. ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) සහ ජපන් රජය අතර ඇති කරගත් සහයෝගීතා ගිවිසුමක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ව්‍යාපෘතිය යටතේ ජපන් රජයෙන් ලැබුණු යෙන් මිලියන 1,170ක ප්‍රදානයක් ආධාරයෙන් 2023 වසරේ සිට ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී.​මෙම ව්‍යාපෘතිය යටතේ මගී පැමිණීමේ පර්යන්තයේ දැනටමත් ස්වයංක්‍රීය දොරටු හතරක් ස්ථාපනය කර ඇති අතර, නුදුරු දිනකදීම ඒවා මගී ප්‍රයෝජනය සඳහා විවෘත කිරීමට නියමිතය. පිටත්වීමේ පර්යන්තයට ද මෙම තාක්ෂණය හඳුන්වා දීමෙන් මගී නිශ්කාශන කටයුතු වඩාත් කාර්යක්ෂම හා නිවැරදි ලෙස සිදු කිරීමටත්, ඒකාකාරී පරීක්ෂණ පද්ධතියක් පවත්වා ගැනීමටත් අපේක්ෂා කෙරේ. ඒ අනුව, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව 2026 වසරේදී මෙම දොරටු ස්ථාපනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 919

Leave A Reply

Your email address will not be published. Required fields are marked *