කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩවත, බණ්ඩාරවත්ත පුවක්පිටිය ප්‍රදේශයේ සිදු කෙරෙන විශේෂ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. කඩවත සිට මීරිගම දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවට අදාළ වැඩකටයුතු මේ දිනවල සිදු කෙරෙන බැවින්, අදාළ ප්‍රදේශයෙන් මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇත.මෙම රථවාහන සංශෝධනය එළඹෙන මාර්තු මස 15 වනදා දක්වා දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව කොළඹ – මහනුවර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් ඉදිරි සති කිහිපය තුළ කඩවත ප්‍රදේශයේදී ඇතිවිය හැකි දැඩි රථවාහන තදබදය පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය.මාර්ගය වසා තැබෙන කාලය තුළ රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස උපදෙස් දී ඇත. ඒ අනුව කඩවත නගරයේ ආලෝක සංඥා මංසන්ධියෙන් අධිවේගී පිවිසුම් මාර්ගයට ඇතුළු වී, එමඟින් ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා ගමන් කර යළි ප්‍රධාන මාර්ගයට පිවිසීමට අවස්ථාව සලසා දී තිබේ.


























