කඩා වැටුණු ඇමරිකානු පාලමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවයි

ඇමරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එකිසත් ජනපද මුහුදු තීරයේ ඇති විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට කාර්යබහුලම වරායේ නැව් ගත කිරීම්ද මේ වන විට අත්හිටුවා ඇති බවයි.

සුන්බුන් අතර කිමිදීමේ අවධානම හේතුවෙන් කම්කරුවන් 4 දෙනෙකුගේ සිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

පාලම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60 මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බව විදෙස් වාර්තා සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *