වෙනිසියුලාවට අවසන් ග්ලැසියරයත් අහිමිවෙයි

වෙනිසියුලාවට එහි අවසන් ග්ලැසියරයද අහිමිවී තිබෙනවා.

මුහුදු මට්ටමේ සිට මීටර 5000 ක උසින් පිහිටි සියෙරානෙවාඩාඩි මෙරීඩා කඳු පන්තියේ පිහිටි හම්බෝල්ට් නැමති ග්ලැසියරය තවත් දශකයක කාලයක්වත් සුරැකී පවතිනු ඇති බවටයි විද්‍යාඥයන් මීට පෙර අනාවැකි පළ කර තිබුණේ.

එම ප්‍රදේශයේ මේ වනවිට අයිස් හෙක්ටයාර දෙකක පමණක් ඉතිරිව ඇති බැවින් එය අයිස් තට්ටුවක් බවට නැවතත් නාමකරණය කර තිබෙනවා.

ඒ අනුව ග්ලැසියර 5කට හිමිකම් දැරූ දකුණු ඇමරිකාවේ උතුරු වෙරළේ පිහිටි නිවර්තන කලාපීය රටක් වන වෙනිසියුලාව නූතනයේ සියලුම ග්ලැසියර අහිමිවූ ලොව පළමු රට බවට පත්වනවා.

එල්නිනෝ දේශගුණික සංසිද්ධීන් හේතුවෙන් මෙලෙස නිවර්තන ග්ලැසියර විනාශය වේගවත් වෙමින් පවතින බව සඳහන්.

වසර 10 කට පෙර පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 4ක් දක්වා එරට උෂ්ණත්වය වැඩිවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ වනවිට මෙක්සිකෝව සහ ස්ලෝවේනියාව ග්ලැසියර දියවෙමින් පවතින එම රටවලටද ඉදිරියේදී ග්ලැසියර අහිමිවනු ඇති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *