කඩුවෙලදී ගිනිඅවි සහ පතොරොම් තොගයක් සමඟ පුද්ගලයෙකු කොටු වෙයි

කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ගිනිඅවි සහ පතොරොම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව ඇත. ඊයේ (13) පෙරවරුවේ පොලිස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී බලපත්‍ර නොමැති බෝර 12 වර්ගයේ ගිනිඅවියක්, රයිෆලයක් සහ මැගසින් එකක් ඇතුළු ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව මිලිමීටර් 7.62 වර්ගයේ ජීව පතොරොම් 50ක්, බෝර 12 පතොරොම් 15ක් සහ රයිෆල් පතොරොම් කිහිපයක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.​අත්අඩංගුවට පත් සැකකරු කඩුවෙල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, මෙම අවි ආයුධ ඔහු සන්තකයේ තිබුණේ කුමන අරමුණකින්ද යන්න අනාවරණය කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,049

Leave A Reply

Your email address will not be published. Required fields are marked *