කඩුවෙලින් සහ මහරගමින් ඇල්ලූ මත්ද්‍රව්‍ය, එකම ජාවාරම්කරුවෙකුගේ දැයි විමර්ශන

කඩුවෙල – බෝමිරිය සහ මහරගම යන ප්‍රදේශවල ඊයේ (27) සිදුකළ වැටලීම්වලදී පොලිස් භාරයට ගත් රුපියල් කෝටි 40 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය, එකම ජාවාරම්කරුවෙකුට අයත් බවට ලද තොරතුරු මත විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොග, ඩුබායිහි රැදී සිටින ජාවාරම්කරුවෙකු විසින් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ කටයුතු කරන බව කියන ඩුබායි කමල් නැමැත්තාට ලබාදීමට කටයුතු කර ඇති බවටයි විමර්ශන නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත්තේ.

එම පුද්ගලයා කළක් ඩුබායි හි සිට මේ වනවිට මෙරටට පැමිණ ඇති බවටද සාධක ලැබී ඇති බව සඳහන්.

බියගම – පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බණ්ඩාරවත්ත ප්‍රදේශයේ වැටලීමකදී අයිස් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් අනාවරණ කර ගත් තොරතුරු මත එම ප්‍රදේශයේදීම තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු පදිංචි නිවස සහ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී අයිස් කිලෝ 15 ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 14 ක් මෙන්ම හොරොයින් ග්‍රෑම් 941 ක්ද සොයා ගැනුණා.

ඔහුගෙන් වැඩිදුර කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ප්‍රවාහණය සදහා ඔහු යොදාගත් මෙම මෝටර් රථය ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියෙකුගේ පුත්‍රයෙකු විසින් ඔහුට ලබා දී ඇති බවයි.

මෙම ප්‍රධාන සැකකරුගෙන් දින 7ක් රදවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන් අතර, සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම රුපියල් මිලියන 160 ක් වටිනා හෙරොයින් කිලෝ 8 ක් සමග 45 හැවිරිදි සැකකරුවෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී ද ඊයේ අත්අඩංගුවට ගැනුණා.

රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයන් සමගද සැකකරුවෙකු රාජගිරිය කළපළුවාව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *