කඩුවෙල – කොළඹ පාරේ වාහනවලට පහර දෙමින් භීතියක් ඇති කළ යතුරුපැදිකරු අත්අඩංගුවට!

කඩුවෙල – කොළඹ (කොල්ලුපිටිය) මාර්ගයේ ධාවනය වන වාහන කිහිපයකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු ආයුධයක් වැනි උපකරණයකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල ලෙස සංසරණය වෙමින් පවතී. පොලිසිය සඳහන් කළේ ජනවාරි 12 වැනිදා සවස් කාලයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති බවත්, ඒ පිළිබඳව ලද තොරතුරු මත වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකරු හඹා ගොස් කෙටි වේලාවකින් ඔහු අත්අඩංගුවට ගත් බවත්ය.​මූලික විමර්ශනවලට අනුව මෙම ප්‍රහාරයෙන් වාහන හතරකට හානි සිදුව ඇති බව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු අද (ජනවාරි 13) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වැලිකඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 940

Leave A Reply

Your email address will not be published. Required fields are marked *