කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට හෘද රෝග ඒකකයක්.

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල ඉදිරියේ දී විධිමත් පරිදි සංවර්ධනයට කිරීමට රජයෙන් සැලසුම්.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කරන ලදි.

රුහුණූ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් අනුව මෙම හෘද රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ ඉදිකිරීමට කටයුතු යොදා ඇත.

මහල් 03 කින් යුතුව ඉදිකෙරෙන මෙම වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීම පසුගිය දා රුහුණූ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ ආරාධනයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක් වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා කියා සිටියේ පසුගිය රජයන් පැවැති 2004 සහ 2005 කාලයන් හි රෝහලේ සංවර්ධන කමිටුව නියෝජනය කරමින් රෝහලේ සංවර්ධනයට විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කළ ද එම කටයුතු සිදු කර ගත නොහැකි වූ බවයි.

පොතුවිල, බිබිල, වැල්ලවාය, තණමල්විල ඇතුලු අවට ප්‍රදේශ ගණනාවක විශාල ජනතාවකට ප්‍රතිකාර සේවා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල මගින් ලබාදෙන බවද පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහල ආසන්නයේ ඇති අක්කර 22 ක ඉඩමක් අත්පත් කර ගැනීමට 2006 වසරේ සිට කටයුතු කළ ද එය සිදු කර ගැනීමට නොහැකි බූ බවත්, තමන් දිස්ත්‍රික් සංවර්ධන කමිටිවේ සභාපතිවරයා ලෙස නව රජය යටතේ ඉතා කඩිනමින් එම ඉඩම පවරා ගැනීමට කටයුතු කරමින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල විධිමත් පරිදි ඉදිරියේ දී සංවර්ධනයට කටයුතු සිදු කරන බව ද පැවසීය.

එමෙන්ම කතරගම නගර සංවර්ධන සලැස්මක් සකස් කර කතරගම නගරය මෙරට ප්‍රධාන පෙලේ නගරයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම සත්කාර්යය සදහා අත්වැල් බැදගත් සියළු දෙනා වෙත සිය ස්තූතිය පුද කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ හෘද අකරණිය නිසා මෙරට වැඩි දෙනෙකු ජිවිතක්ෂයට පත් වන බවත්, සෞඛ්‍ය දත්ත මත පදනම් ව ප්‍රමුඛත්වයන් හදුනා ගනිමින් සෞඛ්‍ය සේවාවේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම වැදගත් වන බවයි. මොණරාගල දිස්ත්‍රික් මහ රොහලේ හෘද රෝග ඒකකයක් ස්ථාපිත කිරීම මගින් ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමේ දී දුෂ්කරතාවයන්ට ලක් වූ ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇති බව ද පැවසීය. බදුල්ල සහ රත්නපුර රොහල් සදහා හෘද රෝග කැතීටකරණ ඒකක දෙකක් මේ වසර අවසන් වීමට ප්‍රථම ස්ථාපිත කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ද ඒ අනුව විශාල රෝගීන් සංඛ්‍යාවගේ ජිවිත බේරා ගැනීමට ඉදිරියේ දි හැකියාව ලැබෙන බව ද පෙන්වා දෙන ලදි.

මොණරාගල දිස්ත්‍රික්කයේ හෘද රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය සහ නුවර ජාතික රෝහල් වෙත යොමු කෙරෙන බවත්, ඇතැම් අවස්ථාවල රෝගීන්ට අවුරුදු දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු බවත්, ECO පරීක්ෂණ වැනි පරීක්ෂණ සදහා රුපියල් 15,000 ක් 20,000 ක වැනි මුදලක් එම රෝගීන්ට වැය කිරීමට සිදුවන බව ද මොනරාගල හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් මුණසිංහ මහතා පවසයි. ඉදිරි වසර 50 ක් වැනි කාලයකට සරිලන පරිදි මෙම නව හෘද රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය මගින් ප්‍රතිකාර සේවාවන් ලබාදීමට සැලසුම් කර ඇති බව ද පැවසීය.

‌මෙරට සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය උපකරණ, ගොඩනැගිලි ඇතුළු භෞතික සම්පත් සංවර්ධනය සඳහා පරිත්‍යාගශීලීන්, දානපතියන් ඇතුළු බොහෝ අංශ විසින් පසුගිය කාලය පුරාවටම දායකත්වයන් රැසක් දක්වන ලද අතර, මෙරට සෞඛ්‍ය සේවාවන් ශක්තිමත්ව ජනතාවට ලබාදීම සදහා එම දායකත්වයන් හේතු සාධක වී ඇත.

මෙම අවස්ථාව සදහා රුහුණූ මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය, රුහුණූ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ ආරාධනයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් ලුතිනල් කර්නල් එම්.ආර් විද්‍යාරත්න, මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධක්ෂිකා වෛද්‍ය ඉරේෂා පතිරගේ, මොනරාගල මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් මුණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටිය

What's your reaction?

Related Posts

1 of 562

Leave A Reply

Your email address will not be published. Required fields are marked *