රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රන් භාණ්ඩවලින් 70%ක් පමණ වෙන්දේසි කර, එමගින් ලැබෙන ආදායම ‘රට හදන (Rebuilding Sri Lanka)’ අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා ප්‍රකාශ කළේය. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිත අතර, එහිදී දේව රූප සහිත රන් භාණ්ඩ වෙන්දේසි කිරීමෙන් බැහැර කර ඇති බව ඔහු සඳහන් කළේය.මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති බවත්, මෑත වසරවලදී බැතිමතුන් විසින් පූජා කරන ලද රන් භාණ්ඩ පමණක් විනිවිදභාවයකින් යුත් වැඩපිළිවෙළක් හරහා රජයට ලබාදෙන බවත් බස්නායක නිලමේවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. වසර 2000ක් පැරණි රන් භාණ්ඩ මේ සඳහා යොදා ගන්නා බවට පැතිර යන වාර්තා අසත්‍ය බව පවසමින් ඔහු එම පුවත් තරයේ ප්‍රතික්ෂේප කළේය.


























