කඳුකරයට නායයෑම් අවදානම්: දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. මෙම විශේෂ නිවේදනය අද (13) පෙරවරු 6.00 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා ඉදිරි පැය 24 ක කාලසීමාව සඳහා වලංගු වන පරිදි ප්‍රකාශයට පත් කර ඇත. කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස එම සංවිධානය උපදෙස් දෙයි.​විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ නිල්දණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ (Level 2) හෙවත් ‘අවදානයෙන් සිටින්න’ යන අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ (Level 1) හෙවත් ‘විමසිලිමත් වන්න’ යන අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක කර ඇත. මෙම ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් නායයෑම් අවදානම ඉහළ යා හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.​නායයෑම් ලක්ෂණ ලෙස සැලකෙන පොළොවේ හටගන්නා පැලුම්, ගොඩනැගිලිවල බිත්ති සහ බිම හදිසියේ ඉරිතැලීම, ගස් හෝ විදුලි කණු ඇලවීම සහ හදිසියේ උල්පත් මතු වීම වැනි තත්ත්වයන් පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි විමසිල්ලෙන් සිටිය යුතුය. එවැනි අවදානම් ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත්, ආපදා කළමනාකරණ අංශ ලබා දෙන උපදෙස් පිළිපදින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,012

Leave A Reply

Your email address will not be published. Required fields are marked *