කපු මහත්වරුන් විරෝධයක් .

සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයෙකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරි කටයුතු වලින් අද 05 වනදා ඉවත් වුහ.

හිටපු බස්නායක නිළමේවරයා ගේ රාජකාරි කාලය අවසන්ව්මෙන් පසු ස්ථිර බස්නායක නිළමේවරයෙකු පත්කරන තෙක් එස්වි. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ව්සින් පත් කරනු ලැබුවේ පසුගිය සතියේදිය.

එම වැඩබලන බස්නායක නිළමේවරයගේ පත්කිරීම දේශපාලන වුවමනාව මත සිදුවුවක් බවත් සබරගමු මහා සමන් දේවාලයේ සම්ප්‍රදායට අනුකුලව සිදු නොවු පත් කිරිමක්බව ඊයේ දින දේවාලයේ තේවාවන් වලින් ඉවත්වු රාජකාරි මණ්ඩලය පවසයි .

අද උදැසන රාජකාරි වලින් ඉවත්වු කපු මහත්වරුන් ඇතුළු පිරිස සමන්දේවාලයේ සිට රත්නපුර පානදුර මාර්ගයේ පිහිටි සමන් දේවාලයේ පිව්සුම් දොරකඩ අසළට පැමිණ නිහඬ විරෝධතාවයක නිරත වුහ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *