කල්පිටිය මුහුදේදී හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 78කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ඊයේ (05) රාත්‍රියේ කල්පිටිය මුහුදේදී හෙරොයින් සහ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම බෝට්ටුවෙන් කිලෝග්‍රෑම් 63.718ක් බරැති අයිස් සහ කිලෝග්‍රෑම් 14.802ක් බරැති හෙරොයින් තොගයක් (මුළු බර කිලෝග්‍රෑම් 78.52ක්) මලු තුනක අසුරා තිබී සොයාගෙන තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත. දැනට, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බෝට්ටුවේ හිමිකරු වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *