කල් දමන ලද 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. එම අමාත්‍යාංශයට අනුව, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දමන ලද ඉතිරි විෂයයන් ලබන වසරේ ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. තවද, 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 14 සිට මාර්තු 2 දක්වා පැවැත්වෙන බව අමාත්‍යාංශය තහවුරු කළේය. මේ අතර, 5 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග අවලංගු කර ඇති අතර, සියලුම සිසුන් ලබන වසරේදී ඊළඟ ශ්‍රේණියට උසස් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.


























