කළුතර නාගහහන්දියේදී මාරක රිය අනතුරක්: තරුණයෙකු ජීවිතක්ෂයට

කළුතර, නාගහ හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි පසුපස ගමන් කළ පුද්ගලයා බරපතල තුවාල ලබා තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර, වස්කඩුව, සමගිපුර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත.​අනතුර සිදුවන අවස්ථාවේදී මෙම තරුණයා සිය මිතුරෙකු සමඟ පානදුර දෙස සිට කළුතර දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇත. නාගහ හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,024

Leave A Reply

Your email address will not be published. Required fields are marked *