දික්වැල්ලේ පිහිටි සිය පාසලේ පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් බෝලයක් ගැනීමට ගොස් 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.සිද්ධිය වූ අවස්ථාවේදී අදාළ සිසුවා සිය පන්තියේ මිතුරන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී බෝලය අහම්බෙන් තටාකයට වැටී ඇති බව පොලීසිය පවසයි.ඔහු බෝලය ගැනීමට ජලයට ඇතුළු වී ඇති නමුත් යළි මතු නොවී ඇත.මියගිය සිසුවා දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක් ලෙස හඳුනාගෙන තිබේ.