ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව නාමල්ට අධිචෝදනා.. ලක්ෂයක මුදල් ඇපයක් සහ මිලියන 20ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග..

ක්‍රිෂ් ගනුදෙනුව තුළින් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද(18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.

අනතුරුව ඔහුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුගේ ඇඟිලි සලකුණු සටහන් කැඳවන ලෙස නියෝග කළේ ය.

පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තිබූ නඩු ගොනුව මහාධිකරණය වෙත ලැබී ඇති බව ද විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

පැමිණිල්ල සම්බන්ධව විමර්ශන සිදු කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඉදිරි නඩු දිනයේ විමර්ශන නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා නියෝග කර සිටියේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිරටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පෙනී සිටි අතර විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියේ ය.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *