ක්ලීන් කරන්න සුදානම්ද ?

දිවයිනේ මේ වසර තුළ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් ප්‍රමාණය ඉහල යාමක් දැක ගත හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා සිටිනවා .එලෙස වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය 17,459 කි .

වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ අප්‍රේල් මාසය තුළ ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී ඇති බව යි .

නිරිත දිග මෝසම් වැසි සමඟ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉදිරියේ දී වර්ධනය වීමේ අවදානමක් ඇති බව සදහන් කළ එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය ජනරාල් විසින් මැයි මාසය විශේෂ මඳුරු මර්දන මාසයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි .

රජයේ සහ පෞද්ගලික ආයතන, පාසල්,ඉදිකිරීම් කේෂ්ත්‍ර ආශ්‍රිතව හා ආගමික ස්ථාන ආශ්‍රිතව හා අනවශ්‍ය ලෙස ජලය රැදෙන සියලුම ස්ථාන සොයා බලා පිරිසිදු කිරීමට කටයුතු කරන ලෙස ද ,ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් ජනතාවට දැනුම් දී සිටිනවා .

අදාළ පරිසිදු කිරිම් කටයුතු නොසලකා හරින පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන වන බවද ඔහු ප්‍රකාශ සිටියා .

What's your reaction?

Related Posts

1 of 733

Leave A Reply

Your email address will not be published. Required fields are marked *