ඔවුන් ඉල්ලා සිටියේ මේ වන විට ව්‍යාපාරිකයන්ගෙන් අධික පොලී මුදලක් රාජ්‍ය නොවන බැංකු අය කර ගන්නවා
ණය වෙනුවට ඔවුන්ගේ දේපොළ අත්පත් කරගනිමින් සිටිනවා
වහාම අපට ව්‍යාපාරිකයන් හැටියට සහනයක් සලසන්න ලෙස ඔවුන් ඉල්ලා සිටියා
ඒ වගේම මහා බැංකු නන්දලාල් වීරසිංහ වහාම ඉවත් කරන්න ඒවගේම ජනාධිපති උපදේශක හුලංගමුව යන අයත් ඉවත් කරන්න
ඔවුන් පසුගිය රජය සමයේ සිට අධිපතිවරුන් සහ උපදේශකවරුන් හැටියට සිටිනවා ඔවුන් කටයුතු කරන්නේ මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න
මහ බැංකුව අධිපතිට ඕන විදිහට ව්‍යාපාරිකයන් මින් ඉදිරියට කටයුතු කරන්නේ නැහැ අපි ව්‍යාපාරිකයන් හැටියට ඉදිරියේදී සම්මේලනයක් පවත්වා සියලු පුද්ගලික බැංකුවලින් ගනුදෙනු කිරීමේ කටයුතුවලින් ඉවත් වනවා
සියලු ව්‍යාපාරිකයන්ට කියනවා රාජ්‍ය බැංකුවල ගනුදෙනු කරන්න කියලා
ඒ වගේම පුද්ගලික මූල්‍ය ආයතන සමග ගනුදෙනු කරන්නේ නැහැ ඉදිරියේදී අපි සම්මේලනයක් හරහා මේ බව ව්‍යාපාරිකයන්ට දැනුම් දෙනවා
විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම විරෝධ තාවය සඳහා සහභාගි වුණා
ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ගමන් කිරීමට ආරම්භ කරනවාත් සමග පොලිසිය මැදිහත් වී සාමාජිකයන් කිහිප දෙනෙකුට සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මුණ ගැසීමට අවස්ථාව ලබා දුන්නා
පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව විරෝධතාකරුවන් පිටතට පැමිණ කියා සිටියේ ජනාධිපති මහජන සම්බන්ධීකරණ ලේකම් ඩී ගමගේ යන නිලධාරියා අපට මහ බැංකුව වටලන්නට උපදෙස් දුන්නා
අපි අපේ ප්‍රශ්නේ කියන්න ආවම එහෙමද දෙන උත්තර යනුවෙන් ප්‍රකාශ කරමින් යළිත් පිරිස සමඟ ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ගමන් කිරීමට සූදානම් වුණා
එහිදී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර නැවත ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දුන්නා
පැයකට ආසන්න කාලයක් සාකච්ඡාවෙන් පසු විරෝධතාකරුවන් පිටතට පැමිණ කියා සිටියේ කුමානායක කියන ලේකම්වරයා විසින් අපට පොරොන්දුවක් ලබා දුන්නා
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පවසා සිටියා බැංකු වලට ඕන විදියට කටයුතු කරන්න නැහැ කියලා රජය ඒ ගැන සහතික වන බව අපිට පැවසුවා
දේපළ අත්පත් කරගන්න ආවොත් අපිට ඒ සම්බන්ධයෙන් බලාගන්න කිව්වා
අපෙන් මාර්තු තිස් එක වෙනිදා දක්වා කාලයක් ඉල්ලුවා අපි රජයට ඒ අවස්ථාව දෙනවා
මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන වැඩපිළිවෙලට රජය සහාය ලබාදෙනවා කිව්වා. ඒ අනුව ව්‍යාපාරික සාධාරණයක් ඉෂ්ට කරන බව රජය පැවසුවා එම නිසා මෙම විරෝධතාවය මෙතැනින් අවසන් කරනවා
සුසන්ත ලියනාරච්ච් සභාපති
මහේන්ද්‍ර පෙරේරා
සාමාජික
අදහස් පලකරා