කාන්තාවක් නිදි යහනේදීම මියයයි

ස්වාමියා හා දියණිය විදේශ ගත වී සිටින යාපනයේ තාවඩි ප්‍රදේශයේ කාන්තාවක් නිදි යහනේදීම මියගොස් සිටියදී අගේ මළ සිරුර යාපනය පොලිසිය විසින් ඊයේ (18) මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ තාවඩි දකුණ, කාලි කෝවිල් පාරේ පදිංචි 31 හැවිරිදි එක් දරු මවක්.

අප වාර්තාකරු පැවසුවේ ඇගේ සැමියා හා දියණිය ප්‍රංශයේ පදිංචිව සිටින අතර ඇය පමණක් යාපනයේ සිය නිවසේ ජීවත් වී වන බවයි.

සිද්ධිය වූ දිනයේදී ඇය රාත්‍රී ආහාරය ගෙන නින්දට ගොස් ඇතත් පසු දින ඇය අවදි වී නොමැති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

මියගිය කාන්තාව සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව නිගමනය කිරීමට නොහැකි වූ නිසා මියගිය කාන්තාවගේ ශරීරයේ අභ්‍යන්තර කොටස් කිහිපයක් අධිකරණ නියෝග මත කොළඹ රජයේ වෛද්‍ය කාර්යංශය වෙත යවා තිබෙනවා.

මියගිය කාන්තාවගේ මළ සිරුර අවසන් කටයුතු සදහා ඥාතීන්ට බාර දී ඇති අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *