ජපානයේදී කාලිංග කුමාරගේ රිදී පදක්කමක් දිනයි

ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා තරග වැදුනු කාලිංග කුමාරගේ දෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාව තත්පර 45.57ක්.

එම තරගයේ පළමු ස්ථානය ජපානයේ කෙන්ටාරෝ සාටෝ විසින් හිමිකරගත් අතර, ඔහු එහිදී තරගය තත්පර 45 යි දශම දෙකයි එකකින් නිමකරනු ලැබුවා.

එමෙන්ම ඉතාලියේ රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි ඊයේ පැවති මීටර 100 පිරිමි ඉසව්වේදී සිව්වන ස්ථානය දිනාගැනීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වුණා.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාව තත්ත්පර 10.21ක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *