කාන්තා තුන්කොන් සටනේ ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් මහා තරගය අද…

සත්කාරක ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා තුන් කොන් කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (11) පැවැත්වේ.

ඒ ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතරයි.

2009 වසරෙන් පසු කණ්ඩායම් තුනක් හෝ වැඩි ගණනක් සහභාගී වන ඕනෑම ආකාරයේ එක්දින ක්‍රිකට් තරගාවලියක ශ්‍රී ලංකාව සහභාගී වන පළමු අවසන් තරගය මෙය වීමද විශේෂත්වයකි.

අද තරගය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමකින් තොරව ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී තිබේ.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *