කාන්තා ලෝක කුසලාන අවසන් තරගය අද

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (නොවැම්බර් 02) පස්වරු 3 ට නවි මුම්බායි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම අවසන් තරගය ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී වන්නේ, ප්‍රබල කණ්ඩායම් වන ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය නොමැතිව පැවැත්වෙන පළමු කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය මෙය වීම නිසයි. ඒ අනුව, කුමන කණ්ඩායම ජයග්‍රහණය කළත් නව ලෝක ශූරයන් බිහිවීම ස්ථිරයි.​දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය කරමින් ඉතිහාසයේ පළමු වතාවට කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයක්. අනෙක් අතට, දෙවන අවසන් පූර්ව තරගයේදී සත් වරක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමින් අවසන් සටනට පිවිසීමට ඉන්දියාව සමත් විය. මෙම කණ්ඩායම් දෙකම ශූරතාව සඳහා දැඩි සටනක් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.​කෙසේ වෙතත්, විදෙස් කාලගුණ වාර්තා සඳහන් කරන්නේ අද තරගය පැවැත්වෙන වේලාවේදී යම්තාක් දුරට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ සම්භාවිතාවක් පවතින බවයි. එසේ වුවද, තරගය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදුවනු ඇතැයි අනුමාන නොකරන බවටද විදෙස් මාධ්‍ය අනාවැකි පළ කර තිබෙනවා. කෙසේ හෝ, ක්‍රිකට් ලෝලීන්ට අද සවස උණුසුම් අවසන් සටනක් දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 468

Leave A Reply

Your email address will not be published. Required fields are marked *