කාන්තා ලෝක කුසලාන තරගාවලිය – ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය තරගය අද

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙස අද (ඔක්තෝබර් 11) දින සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතයි. මෙම තරගය කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ සහභාගීවන තුන්වැනි තරගය වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක කියා සිටින්නේ අද තරගයට කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවයි. තරගාවලි ලකුණු සටහනේ සිව් වතාවක් ලෝක කුසලානය දිනා ඇති එංගලන්තය දැනට 2 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග 18න් 17ක්ම එංගලන්තය ජයගෙන ඇති බැවින්, ශ්‍රී ලංකාවට අද තරගය අතිශය තීරණාත්මක අභියෝගයක් වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 801

Leave A Reply

Your email address will not be published. Required fields are marked *