කාලගුණ අනාවැකි: ශ්‍රී ලංකාවේ වැසි තත්ත්වය වැඩි වේ!

නැගෙනහිර ද්‍රෝණියේ (Easterly wave) බලපෑම යටතේ, හෙට (දෙසැම්බර් 16) සිට ශ්‍රී ලංකාව පුරා වැසි තත්ත්වය තරමක් වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. ඒ අනුව, අද (දෙසැම්බර් 15) දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර, කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා ත්‍රිකුණාමලය හරහා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළං ඊසාන දෙසින් හමනු ඇත. සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වන අතර, පුත්තලම සහ කන්කසන්තුරය හරහා කළුතර සිට ත්‍රිකුණාමලය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-55 දක්වා වැඩි විය හැක. කළුතර සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ වනු ඇත. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

What's your reaction?

Related Posts

1 of 889

Leave A Reply

Your email address will not be published. Required fields are marked *