කාළගුණයේ බලපෑමෙන් ලුණු හිඟයක් ඇති වීමේ අවදානමක්.

ඉදිරියේදී වෙළඳපොළේ ලුණු හිඟයක් ඇති වීමේ අවදානමක් මතුවෙමින් පවතින බව වෙළඳපොළ වාර්තා අනාවරණ කරන බව නෙත් නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දේශීය ලුණු නිෂ්පාදනය පසුගිය කාලසීමාව තුළ සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබීමයි.

මෙරටට ලුණු ආනයනය කිරීමද තහනම් කර තිබේ.

ඒ අනුව පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට අදාළ බලධාරීන් පියවර නොගත හොත් ඉදිරියේදී මෙරට තුළ ලුණු හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව වැඩිදුරටත් වාර්තා වෙයි.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *