කැරකස් නුවරට ගුවන් ප්‍රහාර: වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ වෙයි

වෙනිසියුලාවේ අගනුවර වන කරාකස් නගරය ප්‍රබල පිපිරීම් මාලාවකින් අද අලුයම කම්පනයට පත් විය. එරට වේලාවෙන් අලුයම 1.50 ට පමණ ආරම්භ වූ මෙම පිපිරීම් කෙතරම් ප්‍රබලද යත්, අවට නිවාසවල ජනෙල් පවා සෙළවී ගිය බවත් නගරය පුරා දැවැන්ත දුම් වළාවන් පැතිර ගිය බවත් විදෙස් වාර්තාකරුවන් සඳහන් කරයි. මෙම සිදුවීමත් සමඟ නගරයේ ආරක්ෂක තත්ත්වය දැඩි කර තිබේ.​BBC පුවත් සේවය තහවුරු කරන පරිදි, මෙම පිපිරීම් අහඹු සිදුවීම් නොව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත එල්ල කරන ලද සැලසුම් සහගත ප්‍රහාර මාලාවකි. කරාකස් නුවර පිහිටි එරට හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, ඉන් අනතුරුව අගනුවර අහසේ ගුවන් යානා පියාසර කරන ශබ්දය අඛණ්ඩව ඇසෙන්නට වූ බව වාර්තා වේ.​මෙම යුදමය වාතාවරණය හමුවේ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත. ප්‍රහාර හේතුවෙන් අගනුවර ප්‍රදේශ කිහිපයකම විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, ජනතාව දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව සිටින බව එරටින් ලැබෙන පුවත් පෙන්වා දෙයි.​මෙම මැදිහත්වීමට මූලික හේතුව වී ඇත්තේ වෙනිසියුලාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවට අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර කළ අනතුරු ඇඟවීමයි. ගොඩබිම් ප්‍රහාර පවා දියත් කරන බවට ට්‍රම්ප් පරිපාලනය කළ ප්‍රකාශයත් සමඟ මෙම ප්‍රහාර මාලාව එල්ල වීම ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.​වත්මන් තත්ත්වය හමුවේ දකුණු ඇමරිකානු කලාපය තුළ යුදමය උණුසුමක් නිර්මාණය වී ඇති අතර, ඉදිරි පැය කිහිපය තුළ වෙනිසියුලානු රජය සිය ප්‍රතිප්‍රහාර හෝ ආරක්ෂක උපක්‍රම සම්බන්ධයෙන් තීරණාත්මක නිවේදනයක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 553

Leave A Reply

Your email address will not be published. Required fields are marked *