කැලණිය පොලිසියෙන් අසාධාරණයක් වූ බව පවසමින් ගාලු මුවදොරදී පුද්ගලයෙකු ලාම්පු කණුවකට නැග විරෝධතාවක

කැලණිය පොලිසියෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් පුද්ගලයෙකු ගාලු මුවදොර මාර්ගයේ පිහිටි විදුලි ලාම්පු කණුවකට නැග අද විරෝධතාවක නිරත විය. විරෝධතාවයේ නිරත පුද්ගලයා සිය ගෙල වැලලා ගැනීම සඳහා ලාම්පු කණුව මත තොණ්ඩුවක් ද සකස් කරගෙන සිටි බව වාර්තා වේ.​සිද්ධිය සැලවීමත් සමඟ ඔහුව බේරා ගැනීම සඳහා ගිනි නිවන රථයක් එම ස්ථානයට කැඳවා තිබූ අතර, අවශ්‍ය ප්‍රථමාධාර ලබා දීම සඳහා 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ සිටියහ. මෙම විරෝධතාව හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *