කැලණි වැලි මාර්ගයේ දුම්රිය මෙහෙයුම් යථා තත්ත්වයට

ඊයේ (19) කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර සිදුවූ දුම්රිය පීලි පැනීමෙන් පසු කැලණි වැලි මාර්ගයේ දුම්රිය මෙහෙයුම් අද (20) උදෑසන වනවිට යථා තත්ත්වයට පත් වී ඇත.​දුම්රිය බලධාරීන් තහවුරු කළේ, අනතුරු සිදුවූ ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු රාත්‍රිය පුරාම සිදුකර අවසන් කර ඇති බවත්, මේ වනවිට එම මාර්ගයේ දුම්රිය සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවත්ය.​ඊයේ සවස ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගසක් සහ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා දුම්රියේ එක් රෝදයක් පීලි පැනීමෙන් මෙම අනතුර සිදුවිය. කෙසේ වෙතත්, කිසිදු තුවාල සිදු වීමක් වාර්තා වී නොමැත.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *