ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ (Andrés Marcelo González Garrido) මහතා පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.
කථානායකවරයාට උණුසුම් සුබ පැතුම් එක් කළ තානාපතිවරයා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව සමඟ අඛන්ඩ සහයෝගීතාව පවත්වාගැනීමට අපේක්ෂා කරන බවයි. විශේෂයෙන් ඩෙංගු රෝගය මර්දනය ඇතුළු සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා කියුබාවේ සහයෝගය තවදුරටත් ලබාදෙන බව ඒ මහතා පැවසීය.
නව කථානායකරයාගේ පත්වීම සම්බන්ධයෙන් කියුබානු ජනරජයේ මහජන බලවේගයේ ජාතික සභාවේ සභාපතිවරයාගේ (President of the National Assembly of People’s Power) සුභ පැතුම් පනිවුඩය ද තානාපතිවරයා විසින් කථානායකවරයා වෙත මෙහිදී භාර දෙන ලදී.