කිරි තේ එකක නව මිල මෙන්න

ආනයනික කිරිපිටි මිල ඉහළ යෑම හේතුවෙන් කිරි තේ එකක මිල අනිවාර්යයෙන් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කරයි.

 ඒ අනුව, අප්‍රේල් 1 වැනිදා සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේය.

මේ අතර, ආනයනික කිරිපිටි මිල අප්‍රේල් 1 වැනිදා සිට සියයට 4.7කින් වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පසුගිය දිනවල දැනුම් දුන්නා.

ඒ හේතුවෙන් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යන අතර, එහි නව මිල රුපියල් 1,100ක් බවට පත්වනවා.

What's your reaction?

Related Posts

1 of 632

Leave A Reply

Your email address will not be published. Required fields are marked *