​කිරුළපනදී රුපියල් කෝටි 3ක හෂීෂ් සමඟ සැකකරුවෙක් දැලේ!

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ගෝනහේන විශේෂ බලකා සෙබළුන් හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී, කිරුළපන බාලපොකුණ පාරේ ළමා උද්‍යානය අසලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය බදාදා (පෙබරවාරි 25) සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන තිබේ.​ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරන පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 30ක් (කෝටි 3ක්) පමණ වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 1,028

Leave A Reply

Your email address will not be published. Required fields are marked *