72 වැනි ලෝක රූ රැජිණි තරගාවලිය නිමාවට පත්වූයේ, තායිලන්ත සුරූපිණිය වූ ඔපල් සුචාටා හට ජය ගෙන දෙමිනි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඔපල් කියන්නේ කාන්තා ලාලිතයේ සහ සුන්දරත්වයේ ප්‍රතිමූර්ථියක්.
2003 වසරේදී සැප්තැම්බර් 20 මේ සුන්දර යුවතිය උපත ලබන්නේ, තායිලන්තයේදී.
21 හැවිරිදි මේ හැඩකාරිය, ලෝක රූ රැජිය කිරුළ හිස දරන්න තරම් සුවිශේෂි වෙන්න හේතු වුණ කාරණා ගොඩක් තිබුණා.
මේ සුරූපිනිය තායිලන්තයේ තම්මාසාට් විශ්වවිද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාර ශිෂ්‍යාවක්.
රූපයෙන් විතරක් නෙවෙයි, ඇය අධ්‍යාපනික වශයෙන් මෙන්ම ආත්ම විශ්වාසය අතින් සුවිශේෂි වෙන්නේ ඒ නිසාමයි.
රූප රාජිණිය තරගාවලි ඔපල්ට අලුත් දෙයකුත් නෙවෙයි.
Miss Universe Thailand තරගාවලියට ඇය පළමු වරට ඉදිරිපත් වෙන්නේ, යාන්තමින් අවුරුදු 18ක් වෙනකොට ඒ 2022 වර්ෂයේදී නමුත් ඇයට එහිදී තෙවැනි ස්ථානයෙන් සෑහිමකට පත් වෙන්න සිද්ධ වෙනවා.
2024දී නැවතත් Miss Universe Thailand තරගාවලියට සහභාගි වෙන ඇය එහි ජයග්‍රහණය ලබා ගන්න සමත් වෙනවා.
2025 අප්‍රේල් මාසයේ දී ඇය මිස් වර්ල්ඩ් තරගාවලියට සඳහා තායිලන්තය නියෝජනය කරන්න අවස්ථාව හිමි කරගන්නවා.
නමුත් මේ නම් කිරීමත් සමග ඇයට අහිමි වෙන්නේ, 2024 වසරේදී 73 වැනි මිස් යුනිවර්ස් තරගාවලියේදී රටවල් 125ක් අතරින් ලබා ගත්තු සිව්වැනි ස්ථානය.
තරග කොන්දේසි අනුව සිද්දවුණු කාරණයක් ඒක.
නමුත් ඒ සියලු අභියෝගවලට තමන්ගේ හැකියාවෙන් සහ සුන්දරත්වයේ උත්තර සපයන්න ඔපල් සුචාටා සමත් වෙන්නේ තායිලන්තය ගැන ලෝකය දැරූ මතයට මරු පහරක් එල්ල කරමින්.
ඉතිං අද ඉඳන් ලියවෙන ඉතිහාසය ඉන්දියාවේ,තෙලගනා හිදී කිරුළ පැළදී ලෝක රූ රැජිණ ඔපල් සුචාටා ගැන විශිෂ්ඨ කාන්තාවක් නමින් සාක්ෂි දරුණු ඇත
