කිසිඳු බලපෑමකට යටත් නොවී රාජකාරිය ඉටු කරන්න ජනපතිගෙන් දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස්..

කිසිඳු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (18) උපදෙස් ලබා දුන්නේ ය.

ඒ දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ (18) පැවති සාකච්ඡාවකදී යි.

රටේ මූලික නීතියට සියලුදෙනා යටත් විය යුතු බවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකිම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවත් ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කළේ ය.

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධ වාර්තා පිළිබඳ දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර, අපරාධ මර්දනයට අදාළව  ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස එහිදී ජනාධීපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.

බලපෑම්වලින් තොරව පුරවැසියාගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *