කුකුළු මස්, බිත්තර මිල ලොකු ගාණකින් අඩුවෙයි. – බිත්තරයක් 30ටත් අඩුවෙන්. – නව මිල ගණන් මෙන්න.

සාමාන්‍ය තත්ත්වයේ කුකුල් මස් කිලෝවක තොග මිල රුපියල් 600 දක්වා පහත වැටී තිබෙන අතර, බිත්තරයක තොග මිල රුපියල් 28ත් රුපියල් 29ත් දක්වා පහත වැටී තිබෙනවා.

නමුත් ඇතැම් ප්‍රදේශවල කුකුල් මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 900ත් රුපියල් 1100ත් අතර මිලක පවතින බව ජනතාව පවසනවා. 

නමුත්,ඒ අතර ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 40ක මිලකට අලෙවි කරමින් තිබෙන අතර, කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 32ත් රුපියල් 35ත් අතර මුදලකට අලෙවි කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

දෛනික ඉල්ලුම ඉක්මවා කුකුල් මස් ලැබීම නිසා රුපියල් 700 – 800 අතර තොග මිලකට අලෙවි වූ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 600ක් දක්වා මේ වන විට පහත වැටී තිබෙන බවද තොග වෙළඳුන් පවසනවා.

දෛනික බිත්තර ඉල්ලුම ඉක්මවා බිත්තර තොග ලැබීම නිසා සුදු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 28ක් දක්වාත්, දුඹුරු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 29ක් දක්වාත් පහත වැටී තිබෙන බවද බිත්තර තොග වෙළඳුන් පෙන්වා දෙනවා. 

What's your reaction?

Related Posts

1 of 567

Leave A Reply

Your email address will not be published. Required fields are marked *