කුඩු රැජින හෙරොයින් සමග STF අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමට සමගාමීව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (27) සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ‘වැල්ලම්පිටියේ කුඩු රැජින’ ලෙස අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන 40 හැවිරිදි අයෙකු බවයි විශේෂ කාර්‍ය බලකාය සඳහන් කළේ.

එහිදී ඇය සන්තකයේ තිබී හෙරෙයින් ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 280 ක් ද ඔවුන්ගේ භාරයට ගෙන සැකකාරිය සහ එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,134

Leave A Reply

Your email address will not be published. Required fields are marked *