කුරුණෑගල ඉන්ධන පිරවුම්හලක ගින්නකින් පුද්ගලයින් 04 දෙනෙකු මරුට..

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ.

කුරුණෑගල ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කළේ, පිළිස්සුම් තුවාල ලැබු 04 දෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බවයි.

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ගෑස් ටැංකියක් පුපුරා යෑමෙන් ගින්න හටගෙන තිබේ.

ඊයේ(07) රාත්‍රි 11.30ට පමණ හටගත් ගින්න අද(08) අලුයම මැඩ පවත්වා තිබුණේ දැඩි පරිශ්‍රමයකින් අනතුරුවයි.

ඒ සඳහා සේවා රථ 6ක් යොදා ගත් බව, කුරුණෑගල ගිනි නිවිම් සේවා ඒකකය සඳහන් කළේ ය.

කුරුණෑගල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 688

Leave A Reply

Your email address will not be published. Required fields are marked *