කුලියාපිටියේ තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධියට 4ක් අත්අඩංගුවට

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ පැහැර ගැනීම සඳහා ආධාර අනුබල දුන් වැලිමඩ – කැප්පෙටිපොළ පදිංචි 42 හැවිරිදි සහ 24 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

එමෙන්ම තරුණයා පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතියගේ 69 හැවිරිදි මව සහ 72 හැවිරිදි පියාද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ තරුණයා තවදුරටත් අතුරුදහන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ.

සිය පෙම්වතියගේ ආරාධනයෙන් පසුගිය 22 වනදා ඇගේ නිවසට ගොස් සිටියදී මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කුලියාපිටිය – වෙරළුගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ආහාර අලෙවිසැලැක් පවත්වාගෙන යන තරුණයෙක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *