කෘත්‍රිම බුද්ධි බලපෑම පිළිබඳ 2026 සමුළුවට සහභාගී වීමට ජනපති අනුර ඉන්දියාවට!

Global South ප්‍රථම වතාවට පවත්වනු ලබන “කෘත්‍රිම බුද්ධි බලපෑම පිළිබඳ 2026” (AI Impact Summit 2026) සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින ඉන්දියාවට පැමිණෙයි. නැගී එන තාක්ෂණයන් ලෝක ආර්ථිකයන් සහ සමාජයන් ප්‍රතිනිර්මාණය කරන මෙවන් වකවානුවක, ශ්‍රී ලංකාවේ මෙම සහභාගීත්වය ඉන්දු-ලංකා හවුල්කාරිත්වයේ ඇති ප්‍රමුඛතාවය මෙන්ම නවෝත්පාදනයන් වගකීම් සහගතව සහ ජනතාව කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යාමට ඇති කැපවීම මනාව පිළිබිඹු කරයි.​මෙම සංචාරය 2024 දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරයා සිදුකළ සන්ධිස්ථානගත රාජ්‍ය සංචාරයේදී එකඟ වූ “පොදු අනාගතයක් සඳහා හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම” යන දැක්ම මත පදනම් වූවකි. ඒ අනුව දෙරට අතර සම්බන්ධතාවය, ආර්ථික මැදිහත්වීම්, ඩිජිටල් සහයෝගීතාවය සහ පුද්ගල සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙහිදී අවධානය යොමු කෙරේ. දකුණු ආසියාතික නායකයෙකු ලෙස ජනාධිපතිවරයාගේ මෙම සහභාගීත්වය දෙරට අතර පවතින සමීප විශ්වාසය මෙන්ම අනාගත ලෝකය හැඩගස්වන මෙවැනි තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට ඇති සූදානම මැනවින් තහවුරු කරයි.

What's your reaction?

Related Posts

1 of 615

Leave A Reply

Your email address will not be published. Required fields are marked *