කෙසෙල් කැනක හබය මරණයෙන් නිමවෙයි

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මාතලේ,රත්තොට, නාගුලියක්ද ප්‍රදේශයේදී සිදුවීම වාර්තා වූ බවයි රත්තොට පොලිසිය පවසන්නේ.

මරණකරු සරණසිංහ බණ්ඩාර (46) දෙදරු පියෙකු බවයි රත්තොට පොලිසිය සඳහන් කළේ.

රුපියල් 1,000ක් පමණ වටිනා කෙසෙල් කැනක් හොරෙන් කපා ඇති බව පැවසෙනවා.

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසෙල් කැන කැපූ හොරා සහ ඒ ගැන තොරතුරක් ලබා දුන් තැනැත්තා මේ ගැටුමේ සිටින බවයි පොලිසිය පැවසුවේ.

කෙසෙල් කැන කැපූ හොරා පිළිබඳව හෝඩුවාව දුන් බවට සැකකොට ඊයේ (16) අසල්වැසියෙකුට මට්ටම් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ

What's your reaction?

Related Posts

1 of 822

Leave A Reply

Your email address will not be published. Required fields are marked *