කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හැදුවැයි සැකපිට සහකාර ආගමන විගමන පාලකවරයෙකු CID අත්අඩංගුවට…

විදෙස්ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැති සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කර දීම සම්බන්ධයෙන් සැකපිට සහකාර ආගමන විගමන පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඇඟිලි සලකුණු නොමැතිව කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ විදේශ ගමන් බලපත්‍රය සකස්කර දී ඇත්තේ අත්අඩංගුවට ගත් අදාල නිලධාරියා බවට සැක කෙරෙන බවයි.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සැකසීමට කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙකුද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ ඔවුන් දෙදෙනා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ඡායාරූපය Whatsapp මගින් ලබා ගෙන එය සංස්කරණය කර, විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවි ඇති බවයි.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා 2014 වර්ෂයේ ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකින් 2021 දී විදෙස් ගතව ඇති අතර, පසුගිය වසරේ දී එය කල් ඉකුත් වී තිබේ.

මීට අමතරව කෙහෙල්බද්දර පද්මේගේ ඡායාරූපය ඇතුලත් කර වෙනත් නම් දෙකකින් මේ වසරේ දී ව්‍යාජ ලෙස තවත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ද ලබාගෙන ඇති බවට දැනට සිදුකල විමර්ශනවල දී අනාවරණවී ඇති ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 761

Leave A Reply

Your email address will not be published. Required fields are marked *