කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප..

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායිහී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළා ය.

ඒ අනුව සැකකරුවන් වෙන් වෙන්ව රුපියල් මිලියන එක බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරියේ ය.

සැකකරුවන්ට ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍ර අධිකරණයය භාර දෙන ලෙස නියෝග කළා ය.

කෙහෙල්බද්දර පත්මේ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ විදේශ ගමන් බලපත්‍රය ඔහු භෞතිකව පෙනී නොසිටි තත්ත්වයක් හමුවේ සැකකරුවන් විසින් එම විදේශ ගමන් බලපත්‍රය සාදා දීමට කටයුතු සම්පාදනය කර තිබේ.  

කෙහෙල් බද්දර පද්මේ නැමැත්තාගේ විදේශ ගමන් බලපත්‍රය 2024/11/9 දින කල් ඉකුත් වී ඇති අතර කල් ඉකුත් වී තිබූ විදේශ ගමන් බලපත්‍රය මෙම සැකකරුවන් මැදිහත් වී  යාවත්කාලීන කර දීමට කටයුතු කර තිබේ.  

නඩුව නොවැම්බර් 13 යළි කැඳවීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 766

Leave A Reply

Your email address will not be published. Required fields are marked *