බාල ඖෂධ නඩුවේ අධිචෝදනා ප්‍රමාදය සැක සහිතයි..
බාල ඖෂධ නිසා මියගිය අයටත් අයවැයෙන් ප්‍රතිලාභත් නෑ
වෛද්‍ය චමල් සංජීව.
@@@@@@@@@@
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කල් අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව බාල ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති නඩුවේ මූලික විමර්ශන අවසන්ව පවතිද්දී
තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුව අදාල නඩුවට සම්බන්ධ අධි චෝදනා ගොනු කිරීම දිනෙන් දින ප්‍රමාද වීම සැක සහිත බව
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධව තමන් නීතිපති දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම ුන් හමුවී දැනුවත් කළද මේ දක්වා අදාළ ක්‍රියාමාර්ග ප්‍රමාද වීම යුක්තිය බලාපොරොත්තු වන මෙරට මහජනතාවට සිදු කරන අසාධාරණයක් බව ඔහු පෙන්වා දෙයි.
නිසි කාලරාමුවක් තුළදී යුක්තිය පසළීමේ කටයුතු ප්‍රමාද වීම හරහා විත්තිකරුවන්ට වාසියක් ලැබෙන අතර අගතියට පත්වන පාර්ශවයන්ට දැඩි අසාධාරණයක් ලක්වන බවක් කාලාවරෝධනය සමඟ සාක්ෂිකරුවන් යටපත්වීම නිසා නඩුවක තීන්දුව ලබාදීමේදී ප්‍රබලබව හීන වන බවද ඔහු සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම නඩුවද ඇතුළත්ව නඩු කිහිපයක් කඩිනමින් ගොනුකරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ය.
ඉදිරි දිනවලදී මෙම අධි චෝදනා ගොනුවීමේ ප්‍රමාදයක් පවතින්නේ නම් යළි නීතිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය චමල් සංජය මහතා සඳහන් කරයි.
එසේම බාල ප්‍රතිජීවක ඖෂධ , නිර්වින්දන ඖෂධ වකුගඩු කාන්දු පෙරන දියර සහ අක්ෂි දියර නිසා ආබාධිත වූවන් හා මියගිය වූවන්ට සහන ලබාදීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන මෙන් නොකිරීමද කණගාටුවට කරුණක් බව ඔහු පවසයි.
මේ සම්බන්ධවද ඉදිරි කාලෙදි ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කලෙය.