කෙහෙළිය ඇතුළු බෙහෙත් හොරුන්ට විරුද්ධව කඩිනමින් අධි චෝදනා ගොනු කරන්න..

වෛද්‍ය චමල් නීතිපති හමුවේ ඉල්ලයි.

විමර්ශන කටයුතු දීර්ඝ කාලයක් ප්‍රමාද වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අධිකරණමේ කටයුතු සම්බන්ධව මහජනතාව තුළ දැඩි සැකයක් නිර්මාණය වෙමින් පවතින බැවින් මූලික විමර්ශන කටයුතු අවසන්, බාල ඖෂධ වංචාව සම්බන්ධයෙන් කඩිනමින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ චමල් සංජීව මහතා ප්‍රමුඛ සිවිල් සංවිධාන නායකයෝ ඊයේ නීතිපතිවරයා හමුවී ලිඛිතව ඉල්ලීමක් කළහ.

වෛද්‍ය චමල් සංජීව මහතා ලිඛිතව ඉදිරිපත් කළ යෝජනාව නීතිපතිතුමාගේ විශේෂ නියෝජිත රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ අනුර රාජරත්න මහතා විසින් භාරගන්නා ලදී.

මෙහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු නිලධාරීන්ට විරුද්ධව ඇති බාල ඖෂධ නඩුවේ අධි චෝදනා ගොනු කිරීම කඩිනම් කරන ලෙස සිවිල් ව්‍යාපාර ලෙස ඉල්ලා සිටීන බවත්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ බාල ඖෂධ නඩුවේ මූලික විමර්ශන කටයුතු මේ වනවිට අවසන්ව ඇති බව හැඟී යන අතර මෙම තත්ත්වයක් යටතේ එම අධිකරණය කටයුත්ත ඉතා ඉක්මනින් මහාධිකරණය හමුවේ විභාග වන, සැකකරැවන්ට අධි චෝදනා ගොනුකරන නඩුවක් බවට පත්වනු ඇතැයි මෙරට සිවිල් ව්‍යාපාර විශ්වාස කරන බව පැවසීය.

මෙරට අධිකරණ ක්ෂේත්‍රයේද සුවිශේෂී නඩුවක් බවට පත්වන මෙම බාල ඖෂධ නඩුව කඩිනමින් අධිචෝදනා ගොනුවන නඩුවක් බවට පත් වීම හරහා නීති පද්ධතිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය නිර්මාණය වන අතර බාල ඖෂධ නිසා මෙරටට අහිමි වූ ආදායමද බාල ඖෂධ නිසා මෙරටට අහිමි වූ මිනිස් ජීවිත වලටද ඉන් සාධාරණයක් ඉෂ්ට වනු ඇතැයි විශ්වාස කරන අතර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉතා ස්වාධීන ලෙස මහජනතාවට සිදුවූ අගති තත්ත්වයන් මගහරවා ගෙන මෙරට සෞඛ්‍ය පද්ධතියෙන් නිසි තැනට ගෙන ඒම සඳහා මෙම පරීක්ෂණවලදී කළ දායකත්වය අප අගය කරන අතර එම තත්වය වැඩි වර්ධනය කර ගැනීම සඳහා ප්‍රමාදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය වේගවත් කිරීමට නුදුරේදීම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගුණ කිරීමට ඔබතුමා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුව දක්වන දායකත්වය කෙරෙහි අප තවදුරටත් විශ්වාසය තබනබව සදහන් කලේය.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *