කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් වලට මහාධිකරණයේන් නියෝගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුනා.

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව එම කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව
හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ , දියණියන් ඇතුළු ඥාතීන්ගේ රුපියල් මිලියන 97 කට අධික වටිනාකමකින් යුත් බැංකු ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.

අල්ලස් කොමිසම විසින් එය තවදුරටත් දීර්ඝ කරන ලෙස කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය අදාල නියෝගය අප්‍රේල් මස 02 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළා

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *