කොටහේන මියගිය දරුවාගේ පොලිස් විමර්ශන විධිමත් හා කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරිය මැදිහත් වෙයි

කොටහේන මියගිය දරුවාගේ සිද්ධිය විමර්ශන කටයුතු සිදු කරන පොලිස් කණ්ඩායම හා දරුවාගේ දෙමාපියන් සමග හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පාසල තුළ හා උපකාරක පන්තිය තුළ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතීව, නිවැරදිව, ඉතා කඩිනමින් විමර්ශන කටයුතු සිදුකරන ලෙස පොලිස් විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබා දුන්නාය.
මෙම සිද්ධිය දැනුම්දුන් මොහොතේ සිදු කළ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුවූවා ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් පවතින බව මෙම පිරිසට අග්‍රාමාත්‍යවරිය දැනුම් දුන්නාය.
ළමා හිංසන සිද්ධි සම්බන්ධයෙන් මැදිහත් විය යුතු රාජ්‍ය ආයතන වල සම්බන්ධීකරණය ඉතාම දුර්වල මට්ටමක පවතින බවත්, එහිදී හිංසනයට ලක් වූ දරුවා පිළිබඳව යහපත් අයුරින් ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකරන බවත් නිරීක්ෂණය වූ නිසා එම යාන්ත්‍රණය නිරීක්ෂණය කර එය විධිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්විනි ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල කමිටුවක් අග්‍රාමාත්‍යවරිය විසින් පත්කරන ලදී.
මෙම අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 763

Leave A Reply

Your email address will not be published. Required fields are marked *