කොටුව මහේස්ත්‍රාත් වරිය නියෝගය.

නීති සම්පාදකයන් (පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්) විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, ජනතා අරමුදලින් අනුමත ක,රන් ලද උපරිම ප්‍රමාණයට වඩා ජනාධිපති අරමුදල් ලබා ගෙන වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ කොට්ඨාශය විසින් අද 6 කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වාර්තාවක් ගොනු කරමින් පැවැසීය.
ලද තොරතුරක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසත් අවශ්‍ය වුවහොත් නියෝග අයැදින ලෙසත් කොටුව මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය.

What's your reaction?

Related Posts

1 of 601

Leave A Reply

Your email address will not be published. Required fields are marked *