කොත්මලේ බස් අනතුරින් මියගිය පුද්ගලයින්ට ජනාධිපති අරමුදලෙන් ලබා දෙන මුදල් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත…

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වනවිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ජනාධිපති අරමුදලින් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයින් වෙත භාර දෙනු ඇත.

එම අනතුරින් පුද්ගලයින් 23ක් මිය ගියේය.

අනතුරින් මිය ගිය පුද්ගලයන් ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

What's your reaction?

Related Posts

1 of 749

Leave A Reply

Your email address will not be published. Required fields are marked *