කොම්පඤ්ඤවීදීය ගුවන් පාලම හැකි ඉක්මනින් නිම කරන්න – ප්‍රවාහන ඇමතිගෙන් උපදෙස්

මෙම වසර අවසන් වන විට කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම්  ඒ. ගාඩ්නර් මාවත දක්වා  ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමෙහි ඉදිකිරීම් අවසන් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉදිකිරීම් අතරමග නතර වී ඇති මෙම ගුවන් පාලම නිරීක්ෂණයට පසුගියදා එක්වෙමිනි.

මෙම ඉදිකිරීම්වල ප්‍රමාදය හේතුවෙන් රු. මිලියන 400 ක් පමණ කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමාද ගාස්තු ලෙස ගෙවිමට සිදු ව ඇති බවත් ගෙවෙන දිනයක් සඳහා ලක්ෂ 05 බැගින් විශාල නාස්තියක් සිදු වන බැවින්  වහාම මෙය විසදිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රමාදයට හේතු වූ පොලිස් නේවාසිකාගාර ඉවත් කිරීමට අදාල කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරීය මහතා එහිදී සඳහන් කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක‍්‍ෂ ජනරාල් ඇතුලු නිලධාරීන් පිරිසක් ද අමාත්‍යාංශය සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අදාල නිලධාරීන් ද මේ අවස්ථාවවට සහභාගී විය.

What's your reaction?

Related Posts

1 of 741

Leave A Reply

Your email address will not be published. Required fields are marked *