කොල්ලුපිටිය මංසන්දියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කණිෂ්ඨ නිතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බ්නධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හරින ලද හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාට එරෙහි නඩුව ලබන මාර්තු මස 20 විභාගයට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද 9 නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරිය මේ නියෝගය සිදු කලාය.
සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය ට රුපියල් ලක්ෂ 10 ගෙවන බව කියමින් සමථයක් ඇති බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දුන්නද නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම මත ඔවුන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වමින් මහේස්ත්‍රාත් වරිය නොතීසි නිකුත් කලාය.
සැකකාර රාජ්‍ය අමාත්‍යවරයා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
ලොහාන් රත්වත්තේ මහතා සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී එම අනතුර සිදුව තිබුණි.