මෙසේ මියගොස් තිබෙන්නේ අ/මකුලෑව ජාතික පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන වයි. ජී.චලක්ශන ඉදුසර විජේරත්න යන අයයි.
චලක්ශ ඉදුසර දරුවන් පස්දෙනකු සිටින පව්ලේ වැඩිමහල් දරුවය.
මෙම පාසල් සිසුවා මිත්තනිය හා තම සහෝදරයා සමග අසල්වැසි නිවසක ඇති විශාල කොස් ගසක අතු කපන්නට 21 දින දහවල් ගොස් තිබේ.
කපන ලද කොස් අත්තක් ප්‍රධාන මාර්ගයේ ඇති අධි බලැති විදුලි රැහැනක දැවටීමෙන් විදුලිය සැරවැදී ගසෙන් බිමට ඇද වැටී ඇති බවට නිවැසියන් පවසයි.
අනතුරින් පසු මෙම දරුවා පෞද්ගලික වාහනයක තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කල බවට අසල්වැසියන් පවසයි.
අනතුර සිදුවූ දරුවා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් මියගොස් සිටි බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.
දේහය තඹුත්තේගම මූලික රෝහලේ තැම්පත්කර තිබේ.
සිද්දිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ හූරීගස්වැව පොලීසිය මගින් සිදු කටයි